
සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස රීසා සාරුක් පත් කිරීමට හිතට එකඟව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි පවසා සිටී.
රීසා සරූක් සමබන්ධයෙන් මහජනතාව හමුවේ පවතින ප්‍රතිරූපය පිළිබඳව තමා සම්පූර්ණයෙන්ම දන්නා බවත්, එබැවින් එවැනි පුද්ගලයෙක් කොළඹ මහ නගර සභාව වැනි ආයතනයක නගරාධිපති ධුරය දැරීමට පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට තමාගේ හෘද සාක්ෂියට එකඟව හැකියාවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය සාකච්ඡා පවත්වා වඩාත් පිළිගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර රීසා සාරුක් කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට නාම යෝජනා වුවහොත් ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ එම ඡන්ද විමසීමේදී ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින්නට සිදු වන බව මහලේකම්වරිය වෙත යොමු කළ ලිපියේ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.