ඉන්දීය ගුවන් යානයක් කඩා වැටේ

8

ඉන්දියාවේ අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් බෝයිං 787-8 වර්ගයේ යානයක් මෙසේ අනතුරට ලක් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් බව සඳහන්වේ.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. 

ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇත.

මෙම ගුවන් යානය අද (12)  ගුවන්ගත වී තත්ත්පර කිහිපයකට පසු එනම්, ඉන්දීය වේලාවෙන් ප.ව. 1.38ට පමණ මෙම අනතුර සිදු වූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබේ.