රිපෝට් එකට වැඩියෙන් සල්ලි අරන්! වෛද්‍ය රසායනාගාරයට නඩු

10

පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවකට(Full Blood Count Test) වැඩිපුර මුදල් අය කළ මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

අදාළ වෛද්‍ය රසායනාගාරය විසින් වරද පිළිගැනීමෙන් පසුව එම දඩය නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (02)මෙම දඩය නියම කරන ලදී.

පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පනවා ඇති උපරිම ගාස්තුව රුපියල් 400කි.