ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

8

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.


අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටී.

එම දිස්ත්‍රික්කවල නායයෑම් අනතුරු සහිත ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවිය යුතු බවද ඔවුන් දැනුම් දෙයි.