තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

10

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහර දීම සහ වෙඩිතැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (24) මහරගම දී මෙම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසා සිටී.

සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.