
සිය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටළු සඳහා රජය විසින් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය ඇති බව වාර්තා වේ.
එම බල මණ්ඩලය පවසා සිටින්නේ සිය ගැටලු සඳහා හෙට (26) දිනය තුළ විසඳුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) දින උදෑසන 08.00ට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.
පරිපූරක වෛද්‍ය සේවාවේ පැන නැගී ඇති ගැටලූ විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා සිදු කළ ද ඒ සියල්ලක්ම අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසා සිටී.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධි හදාරන ලද සිසුන් සෞඛ්‍ය වෘත්තීන් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබා නොදීම ඇතුළු කාරණා රැසක් මුල් කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.