
දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර තිබේ.
දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්රපට සංස්ථා පරිශ්රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව පවුලේ ඥාතීන් පවසා සිටී.
කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වූ අතර මිය යන විට ඇය 78 වෙනි වියේ පසු විය.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්රයේදී සිදු කිරීමට නියමිතව තිබේ.