
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්දවංශ නමැත්තාව වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නිත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව කොළඹ මහ අධිකරණය හමුවිය අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තාවේ.
මෙම නඩුව 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාලසීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ ගොනුකර ඇත.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 08 දෙනකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබේ.