කෙහෙළිය දිගටම රිමාන්ඩ්!පුතාටත් නඩුවක්

31

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවෙකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

කිසිදු නිල සේවාවක් ලබා නොදුන්නද, වැටුප් ගෙවීමට සහ කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට අමාත්‍යාංශ අරමුදල්වලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 8ක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු මෙලෙස නම් කර තිබේ.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.