
බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අසලදී ත්‍රිරෝද රථ සොරකම්වලට අවශ්‍ය කර සිටි සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 25 ක් වූ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසා සිටී.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුරු විමර්ශනයේදී මොහු විසින් වැල්ලම්පිටිය සහ කැලණිය පොලිස් වසම් වලදී සොරාගන්නා ලද ත්‍රීරෝද රථ දෙකක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.