මාස පහට වෙඩිතැබීම් 46යි! රටක් වැටුණු තැන!!

2

මේ වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඉන් සිදුවීම් 31ම සංවිධානාත්මක අපරාධ කල්ලි වල මෙහෙයුමෙන් සිදුවී ඇති අතර සැකකරුවන් 100ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම වෙඩි තබා ගැනීමේ සිදුවීම් සඳහා භාවිතා කරන ලද ගිනි අවි 41ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් එම ගිනි අවිවලින් 27ක් පිස්තෝල වර්ගයේ ගිනි අවි බවත් අනෙක් 14 ටී – 56 වර්ගය ගිනි අවි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටියේය.