
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ගාසා තීරයේ පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුව මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් ගාසා තීරයේ පුද්ගලයින් 67 දෙනකු මිය ගොස් තවත් 361 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙහිදී අවතැන් කඳවුරකටද ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් 22 දෙනෙකු මිය ගොස් තවත් 200 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ගාසා තීරයේ හදිසි සේවා ක්‍රියාත්මක කරන සිවිල් ආරක්ෂක අංශ පවසා සිටී.