රණවිරු සැමරුමට එනවා – ජනපති කියයි

11

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිග්‍රේඩියර් සෙනරත් කොහොන මහතා මේ බව සඳහන් කළේය.