සජිත්ගේ ඇරයුමට නාමල්ගෙන් කොළ එළියක්

58

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) දිනයේ පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවට විපක්ෂ නායකවරයාගේ ආරාධනය අනුව තමන් සහභාගි වන බව හා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී.
අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය