ජනපති අනුරගෙන් විශේෂ අනුමැතියක්!

18

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.


ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ, පළාත් ආණ්ඩුකාරවරුන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමකට අනුවයි.


පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබාදීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගෙන තිබේ.


පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන් ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.