
කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වනවිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති අතර ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.
මේ අතර, මීට කෙටි වේලාවකට පෙර දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් මලු හමුදා බස් රථයකින් රැගෙන යනු ලැබුවා.
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද 05 වන දිනටත් ක්‍රියාත්මක වන අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s