රනිල්ගේ නඩුව අහන උසාවියේ කරන්ට් නෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

පස්වරු 05.30ට පමණ කල්තැබුණු නඩු විභාගය මේ වන තෙක් යළි ඇරඹී නැති බවයි පැවසෙන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s