
නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්,නිලධාරීන් විසින් අද (21) අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් දැන්වීම් අලවනු ලැබුවා.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝසමක් මගින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරු ඔහුට නොතීසි නිකුත් කෙරුණා.
මින් පෙර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ නමුත් ඔහු නොපැමිණීම හේතුවෙන් එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s