අද වෙඩිල්ල බණ්ඩාරගමින්

බණඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

නාඳුනන වෙඩික්කරුවකු විසින් මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසා සිටිනවා.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඝාතනය වූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බව පොලිසිය පවසනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s