අධිකරණය මගහැරිය ඩයනාට වරෙන්තු

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ අද (21) කැඳවනු ලැබුවා.

මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කෙරුණේ එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන්.

අධිකරණය මගහැර සිටින විත්තිකාරියට අමතරව, ඇයගේ ඇපකරුවන් වෙතද නොතීසි නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s