
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) අවසර ලබා දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම සැකකරු හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු 34 හැවිරිදි බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබලෙකු බවයි සඳහන් වන්නේ.
ඔහුට අවිස්සාවේල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකිරීමට තැත්කිරීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබු මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, පතරොම් හතරක්, බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගිනිඅවි දෙකක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත සොයා ගත් බව පොලිසිය පවසා සිටිනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s