මේ අය දැක්කොත් පොලිසියට කියන්න

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන, අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා.

පසුගිය දා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද වැටලීමකදී ටී-56 ගිනිඅවියක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය මස 21වනදා අත්බෝම්බ සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මතයි.

පසුව එම සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තවත් අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවෙකු හා එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින බවයි.

ඒ අනුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඒ වනවිට සැකකරුවන් තම ප්‍රදේශයන් අතහැර පලා ගොස් තිබූ බවයි සඳහන් වන්නේ.

එම සැකකරුවන් තිදෙනාගේ විස්තර පහත පරිදිවන අතර, ඔවුන් පිළිබද යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුවන්ගේ විස්තර
නම :ජිවරාස සුජීපන්
වයස : අවුරුදු 30
ජා.හැ.අංකය : 950554215V
ලිපිනය : ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව

නම :ඉලන්කෝ ඉසයිවිතන්
වයස :අවුරුදු 27
ජා.හැ.අංකය : 199836210402
ලිපිනය : අංක 379, 03 වන කොටස,
මැණික්ෆාම්, සෙට්ටිකුලම්

නම :මහේන්දිරන් යෝගරාසා
වයස :අවුරුදු 27
ජා.හැ.අංකය : 981633881V
ලිපිනය : අරාලි බටහිර, වඩුකොට්ටෙයි

දැනුම්දිය යුතු දුරකතන අංක

ස්ථානාධිපති – ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය – 071-8591966

ස්ථානාධිපති විමර්ශන අංශය 071-8596150

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s