
බෝතල්කළ පානීය ජලය වැඩි මිලට විකිණූ කොළඹ වරාය නගරයේ වෙළෙඳසලක හිමිකරුවකුට එරෙහිව රුපියල් ලක්ෂ 5ක දඩයක් පනවා තිබෙනවා.
අදාළ ව්‍යාපාරිකයා රුපියල් 70ක් ලෙස මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (20)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබුවා.
එහිදී ඔහු සිය වරද පිළිගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් ජූලි 16වනදා අදාළ වෙළඳසැල පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එම අවස්ථාවේ දී අදාළ වෙළෙඳසැල මගින් රුපියල් 70ක් ලෙස මිල සඳහන් කර තිබූ මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවිකර තිබුණා.2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නියෝගය අනුව මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70ක් ලෙස නියම කර තිබෙනවා.
ඒ අනුව රු. 200කට අලෙවි කිරීම 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s