
යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී තිබෙනවා.
වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බව කොඩිකාමම් පොලිසිය පවසනවා.
අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
හමුවු පතරොම් සහිත බෑගය යාපනය,චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පතරොම් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.
කොඩිකාමම් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s