
පසුගිය අගෝස්තු 14 වන දින රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු, සිය රාජකාරී වේලාව තුළදී පොදු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පුද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
මෙලෙස පෞද්ගලික රෝහල් සේවයට රෝහලින් පිටව ගොස් ඇත්තේ නොමේරූ ළදරු ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ පැය 24 පුරා රාජකාරියේ සිටිය යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකි.
මේ පිළිබඳව අදහස් දැක්වූ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වරයා කියා සිටියේ පුද්ගලික රෝහලක හදිසි අවස්ථාවකදී විශේෂඥ වෛද්‍යවරුන්ට සේවය සඳහා යා හැකි ක්‍රමවේදයක් චක්‍රලේඛ මගින් පැහැදිලි කර ඇති බවයි .
ඒ අනුව, අදාළ පුද්ගලික රෝහල විසින් රජයේ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතු අතර, වෛද්‍යවරුන් යොමු කරන්නේ අධ්‍යක්ෂවරයා විසින් බව සඳහන්.
නමුත් මෙම අවස්ථාවේදී ඒ කිසිවක් සිදුව නැති බව ඒ මහතා කියා සිටිනවා.
අදාළ වෛද්‍යවරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු දැනුවත් කර පිටව ගොස් ඇති නමුත්, එවැනි අනුමැතියක් දීමට ඔහුට බලයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s