
කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවය කරන සේවකයකු, බෙම්මුල්ල, කොරසේ පිහිටි ඔහුගේ නිවසේදී හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 250ක් සමඟ බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
පෙරේදා (17) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 ඉක්මවන බව සඳහන්.
පොලිසිය නිවස වටලන අවස්ථාවේදී සැකකරු හෙරොයින් පාර්සලය ද රැගෙන නිවසේ පිටුපස දොරෙන් පැන යාමට උත්සාහ කර තිබෙනවා.
සැකකරුගේ උත්සාහය ව්‍යාර්ථකරමින් බෙම්මුල්ල පොලිසියේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මහා පරිමාණ ජාවාරම්කරුවකුගෙන් ලැබෙන හෙරොයින්, මෙම ගිනි නිවන භටයා විසින් සිය නිවසේදී කුඩා පැකට්වලට අසුරා බෙදාහරින බවයි සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ.
ගැනුම්කරුවන් විසින් “ඊසි කෑෂ්” ක්‍රමය ඔස්සේ ප්‍රධාන ජාවාරම්කරුගේ ගිණුමට මුදල් බැර කිරීමෙන් පසු, සැකකරු විසින් හෙරොයින් ලබාදීම සිදුකර ඇති අතර, ඒ සඳහා ඔහුට කොමිස් මුදලක් ලබාදීමට ප්‍රධාන ජාවාරම්කරු කටයුතු කර ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s