අතනත් නැති මෙතනත් නැති රතන සාදුට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්වා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත 07 වන දින රාත්‍රීයේ ගොස් තිබුණා.
එහි යන විට උන්වහන්සේ එහි රැඳී සිට නැති අතර, ජංගම දුරකථනය පවා අක්‍රීය කර සැඟව සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළා.
ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙලෙස වරෙන්තු නියෝගයක් නිකුත්කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s