මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල

අද (15) ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයින් දෙදෙනා පල්ලියෙහි යාඥාවෙන් පසු ඉන් පිටතට පැමිණි අවස්ථාවේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s