
පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ එම්අයි-17 හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණය හේතුවෙන් මොහ්මන්ඩ් දිස්ත්‍රික්කයේ පාණ්ඩියාලි ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයහපත් කාලගුණය හමුවේ යානය පාලනයෙන් ගිලිහීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවයි.
කෙසේ වෙතත් අනතුරට හේතුව කාලගුණය පමණක්ද නැතහොත් වෙනත් සාධකද යන්න තවමත් තීරණය කර නොමැති බව එරට බලධාරීන් පවසනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s