SSP සතීෂ් ගමගේ  අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බැවින් බව සඳහන්.

පාතාල කල්ලි නායකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මේ දක්වා සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අල්ලස් වශයෙන් ලබාගත් එම මුදල්, සැකකාර නිලධාරියාගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට මෙන්ම ඔහුගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට ද බැර කර ඇති බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s