මහින්ද සමරසිංහ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන, එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි මහ කොමසාරිස් ලෙස දැනට කටයුතු කරන මහින්ද සමරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වනවා.

ඒ, ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවට වන පුවතයි.

එසේම ඔහුට රජයේ ඉහළ තනතුරක් ප්‍රදානය කිරීමට නියමිත බවටද දේශපාලන කරළියේ කටකතා පැතිර යමින් පවතිනවා.

මේ පිළිබඳ අද උදෑසන විකල්ප මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කොට තිබුණා.

මෙරට ආර්ථිකයට බරපතළ අවදානමක්ව පැවති ඇමරිකානු නව තීරුබදු අඩු කර ගැනීම සඳහා මහින්ද සමරසිංහ ලබා දුන් දායකත්වය මෙම තීරණයට හේතු වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඇමරිකාව විසින් මුලින්ම පැනවූ 44%ක බද්ද 30% දක්වාත්, අනතුරුව එය 20% දක්වාත් අඩු කර ගැනීමට මහින්ද සමරසිංහ තීරණාත්මක භූමිකාවක් ඉටු කරන ලද බවට තතු දත් ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත්, මෙය තවමත් නිල වශයෙන් තහවුරු නොකරන ලද පුවතක් බවත් පැවසිය යුතුයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s