
බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනයවීමට නියමිතව තිබූ බස් රථයක් තුළ දී අද (09) පෙරවරුවේ පුද්ගලයෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
පහරදුන් පුද්ගලයා පළායන අවස්ථාවේ දී බස්රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් ඔහුව අල්ලා කණුව බැඳ ඇති අතර, පසුව පොලිසිය පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බවත් සඳහන්.
පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදුකළ බව අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසියට පවසා තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි තැන්තියක් බව සඳහන්.
ප්‍රහාරයෙන් පසු අදාළ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර, අනතුරුව ඇයව දියතලාව මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
දියතලාව මූලික රෝහලට මාරුකර යැවූ ඇයගේ තත්වය බරපතළ වූ බැවින් බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s