හොරාට කරගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් වටලයි

දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ පළමු සැතපුම් කණුව ආසන්නයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය බව කියන සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (08) වටලා ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් විසින් සම්බාහන මධ්‍යස්ථානය වැටලු අවස්ථාවේ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත්‍ර එහි කළමනාකාරීත්වයෙන් ඉල්ලා ඇති අතර එම ලියකියවිලි ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සම්බාහන මධ්‍යස්ථානය සඳහා දඹුල්ල මහ නගර සභාවෙන් කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බව එම ස්ථානයට පැමිණි දඹුල්ල නගරාධිපතිවරයාද තහවුරු කර ඇති බව සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් විසින් දඹුල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එම ස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවයේ නිරතව සිටි කාන්තාවක් සහ කළමනාකරණ කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s