දරුණු බස් රථ අනතුරකින් 25ක් මරුට

නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් බව සඳහන්.

බස් රථය බටහිර නගරයේ කකාමේගා සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි ව බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

අනතුරින් කාන්තාවන් 10 දෙනෙකු, පිරිමින් 10 දෙනෙකු සහ එක් ගැහැණු ළමයෙකු එම ස්ථානයේදීම මිය ගිය ගොස් ඇති අතර තවත් විසි දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
රෝහල්ගත කර සිටි මගීන්ගෙන් සිව් දෙනෙකු පසුව රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s