ගුරු බිරිය සමග එක්වූ ලිංගික දර්ශන සැමියා විසින් සිසුවෙකුට වට්ස්ඇප් කරලා

මරදාන ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක විසින් තම සැමියා ඇයගේ ලිංගික දර්ශන වීඩියෝ කර බෙදාහැර ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ගුරුවරියක වන තම බිරිඳ සමග පැවැත්වූ ලිංගික ක්‍රියාකාරකම් රහසින් වීඩියෝ කර, එම දර්ශන ඇයගේ ශිෂ්‍යයෙකු වෙත වට්ස්ඇප් ඔස්සේ යැවූ බව කියන සැමියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා පොලීසියට නියෝග කර තිබෙනවා.

මෙම පැමිණිල්ල පසුගිය 31 වනදා අධිකරණයේදී සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අසභ්‍ය දර්ශන නැරඹීමට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව කියන සැකකරු, තම බිරිඳට හොර රහසේ ඔවුන්ගේ ලිංගික හැසිරීම් වීඩියෝ ගත කර තිබෙනවා.

මෑතකදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් පසු, බිරිඳව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඔහු මෙම දර්ශන ඇයගේ ශිෂ්‍යයෙකුට යවා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

තවද, සැකකාර සැමියා විශාදය නමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවටද කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළ අතර,ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කලා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s