කොළඹ ක්ලබ් ඇතුළේ අයිස් විකිණූ චීනෙක් මාට්ටු

මෙරට වෙසෙන චීන ජාතිකයන් හට රාත්‍රී සමාජ ශාලා හා කැසිනෝ හල් වලදී අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටියේදී බවයි වාර්තා වන්නේ.

මොහු දිගු කලක සිට මෙරට නීතිවිරෝධීව රැඳී සිටින චීන ජාතිකයෙකු බව පොලීසිය පවසනවා.

චීන ජාතිකයන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව, කොළඹ දකණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයයකදී අනාවරණය වූ කරුණු මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබෙන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මාලදිවයින් ජාතිකයෙකුගෙන් හා ලාංකිකයෙකුගෙන් තමා මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත්, ඒවා රාත්‍රී සමාජශාලාවලට හා කැසිනෝ ශාලාවලට පැමිණෙන චීන ජාතිකයන්ට අලෙවිකරන බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙන බව සඳහන්.

2019 වසරේ දී මෙරටට පැමිණ ඇති මෙම චීන ජාතිකයා මේ දක්වා මෙරට තුළ රැඳී සිට ඇත්තේ ද නීතිවිරෝධීව බව හෙළිව තිබෙනවා.

අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර, රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s