සරසවියක ගොඩනැගිල්ලකින් ඇද වැටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් මියගිය පුවතක් වාර්තාවනවා.
කිලිනොච්චියේ අරවියල්නගර් විශ්වවිද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරි යෙදී සිටි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා එහි කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී මිය ගොස් ඇති බව සඳහන්.
මරණකරු වයස අවුරුදු 35ක් වන කනගපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ (28) අළුයම් කාලයේ මෙය සිදු වී ඇති බව සඳහන් වනවා.
මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s