තවත් හිටපු ඇමතියෙකුට ළඟදීම වැඩ වරදී!

රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග හරහා අනාවරණය වී තිබෙන මෙම පුවත විකල්ප වෙබ් මාධ්‍ය කිහිපයක් විසින්ද මේ වනවිට වාර්තා කොට තිබෙනවා.

මෙම හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා අතර, විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් රජයේ මුදල් අවභාවිත කිරීම, රැකියා කෝටා සඳහා ව්‍යාපාරිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීම සහ තමා නියෝජනය කළ අමාත්‍යාංශයෙන් විවිධ වෘත්තිකයන්ට ලබා දුන් වරප්‍රසාද ලබාදීම සඳහා අල්ලස් මුදල් ලබා ගැනීම ආදී බරපතළ චෝදනා රැසක් වන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කොමිසමට ලැබී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව, අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශද සටහන් කොටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s