කොච්චර කට්ටක් කන්න ඇතිද මේ ගේම ගහන්න! ලංකාවේ සුපිරි වැඩකාරයෙක් ඇමරිකන් SEAL TEAM එකට එක්වෙයි!

ලක් මවට ගෞරවයක් අත් කරදෙමින්, ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කරමින් එම බලඝණයට එක්වන්නට මෙරට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා.

ඔහු නමින් කොයාන් චාමිත.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ, විශේෂ යාත්‍රා බලඝණයේ (Special Boat Squadron) ලුතිනන්වරයෙක්.

ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගන්නේ මාස 14ක දුෂ්කර පුහුණුවකින් අනතුරුවයි.

“SEA, AIR AND LAND” යන යෙදුම කෙටි කරමින් නම් තබා ඇති ඇමරිකානු SEAL බලඝණය ලොව සිටින සුවිශේෂී හමුදාවන් අතරින් එකක් වනවා.

අහසේ, මුහුදේ සහ ගොඩබිමේ එකසේ ශිල්ප දක්වන්න්නට සමත් සීල් භටයෙකු වීම පහසු නැහැ.

යම් සොල්දාදුවෙකුට ගෞරවණීය සීල් උරහිස් පළඳනාව ලබා ගැනීමට නම් අති දුෂ්කර පරීක්ෂණ රැසකින් සමත් විය යුතුයි.

බොහෝ විට මෙම පුහුණුව සම්පූර්ණ කර බලඝණයට එක්වන්නට හැකිවන්නේ, පාඨමාලාවට පිවිසෙන සෙබළුන්ගෙන් 25%ක් වැනි පිරිසකට පමණක් බවයි පැවසෙන්නේ.

ඉතින්, එවැනි දුෂ්කර පුහුණුවක් විඳ දරා ගනිමින් ලක්මවට කීර්තියක් අත්කර දුන් ලාංකික සොල්දාදුවාට අපිද සුබපැතුම් එක් කොට සිටිමු.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s