ඩඩ්ලි රටෙත් නෑ! අරලිය හෝටලේ වැට ගලවයි!!!

සතියක පමණ කාලයක් තිස්සේ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පාර්ශ්වය සහ රජය අතර මාධ්‍ය විසින් ඇතිකර තිබූ සීතල යුද්ධය අවසානයකට පැමිණෙමින් තිබෙනවා.

ඒ අමාත්‍ය ලාල්කාන්ත විසින් අද දිනයේ අවසන් වශයෙන් කරන ලද ප්‍රකාශයකුත් සමග.

ඔහුගේ නවතම ප්‍රකාශයට අනුව, ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලයට අයත් කිසිදු ගොඩනැගිල්ලක් පරාක්‍රම සමුද්‍රයට අයත් රක්ෂිත ප්‍රදේශයේ ඉදිකොට නැහැ.

අදාල රක්ෂිත ප්‍රදේශයේ පිහිටා ඇත්තේ සුදු අරලිය හෝටලයේ වැට පමණක් බවයි අමාත්‍යවරයා දැන් පවසන්නේ.

ඒ අනුව, ඉවත් කරනවා නම් ඉවත් කිරීමට ඇත්තේ එම හෝටලයේ වැට පමණක් බවට ලාල්කාන්ත ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

රජයෙන් යන්න කියන තෙක් නොසිට, මාධ්‍ය හමුවක් පවත්වා අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි මීට පෙරද ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් ඩඩ්ලි සිරිසේනට අභියෝග කොට තිබුණා.

එම ප්‍රකාශය ඊයේ දිනයේ මාධ්‍ය හරහාද ප්‍රචාරය වුණා.

එවැනි තත්වයක් යටතේ කරන ලද ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය, ආණ්ඩුවේ රෙදි ගලවා ගැනීමක් ලෙසයි රජයට විපක්ෂ පාර්ශ්ව පවසන්නේ.

කෙසේ වෙතත්, ඩඩ්ලි සිරිසේන වැනි ප්‍රභල ව්‍යාපාරිකයෙකු සමග ගැටීමට රජයට හැකියාවක් නැතැයි යන කරුණ බොහෝ දෙනා පවසන දෙයක්

එමෙන්ම, ඩඩ්ලි සිරිසේන විසින් මාලිමාවේ ඡන්ද ව්‍යාපාරය සඳහා මුදල් පරිත්‍යාග කොට තිබෙන බවටද ඇතැම් පිරිස් පවසනවා.

අවසන් වශයෙන් සිහිපත් කළ යුතු කරුණ වන්නේ මේ සියළු කලබැගෑනි සිදුවන අතරේ ඩඩ්ලි සිරිසේන තවමත් සිටින්නේ යුරෝපීය සංචාරයක නිරත වෙමින් මෙරටින් පිටත බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s