
අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් සිසුන් අතර බෙදා හරින ලද පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසැබි වචන් අන්තර්ගත වීමක් හේතුවෙන් මතුවූ ගැටළුකාරී තත්වයක් පිළිබඳ පුවතක් අප ඊයේ ඔබ වෙත ගෙන ආවා.
එම ප්‍රශ්න පත්‍ර සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු කිහිපයක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා.
මෙම ප්‍රශ්න පත්‍රය, අනුරාධපුර අධ්‍යාපන කලාප කාර්යාලය මගින් කලාපයේ සියළු ප්‍රාථමික හා ද්විතීයික පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන නැණ ලොවට පා නගන හපනුන්ට මග කියන “අදිති” යන නමින් ක්‍රියාත්මක වන වැඩසටහනකට අයත් එකක් බවයි පැවසෙන්නේ.
මෙම ප්‍රශ්න පත්‍රයේ, “ප්‍රශ්න හතළිහටම සියල්ලටම පිළිතුරු සපයන්න, කාලය පැය එකක්” යනුවෙන් සඳහන් කර බිතී ඇති බවත්, එහෙත් එහි ප්‍රශ්න 61 අන්තර්ගතව තිබූ බවත් පැවසෙනවා.
එසේම මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 22, 29, 25, 42, 48 ඇතුළු ප්‍රශ්න කිහිපයකම දෝෂ තිබී ඇති අතර, අසභ්‍ය වචන තිබූ බවට පැවසෙන්නේ 29 වැනි ප්‍රශ්නයේ ස්ථාන දෙකකයි.
මෙවැනි ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කර බෙදා හරින තුරුම, එහි මුද්‍රණ දෝෂ සම්බන්ධයෙන් කලාපයේ අධ්‍යාපන බලධාරීන් විසින් සොයා නොබැලීම විමතියට කරුණක් බව දෙමාපියන්ද පවසා සිටිනවා.
මෙවන් පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතාගෙන් මාධ්‍ය යම් විමසීමක් කොට තිබෙන බවයි වාර්තා වුණේ.
මෙම වරද සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් සොයා, පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බවට එම විමසීමේදී අධ්‍යාපන ලේකම්වරයා අවධාරණක කළ බව පුවත් මූලාශ්‍ර සඳහන් කොට සිටියා.
මේ සම්බන්ධයෙන් අප විසින් පළ කල පෙර පුවත පහතින් නරඹන්න.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s