
ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් සිව්දෙනෙකු මිය ගොස්, තවත් 40කට වැඩි පිරිසක් එහි සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අද (25) උදෑසන 8.30ට පමණ මනෝහර් තානාහි පිප්ලොඩි රජයේ පාසලේ සිසුන් උදෑසන යාඥාව සඳහා රැස්ව සිටියදීයි මෙම අනතුර සිදුවව ඇත්තේ.
මෙම තනි මහල් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටෙන විට ගුරුවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 ක් පමණ පරිශ්‍රයේ සිටි බව නිලධාරීනි පවසා සිටිනවා.
ආරංචි මාර්ගවලට අනුව, ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ තිබී ඇති අතර, මේ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව සඳහන්.
අනතුරින් ළමුන් හතර දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ළමුන් දස දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජලාවර් වෙත යොමු කර ඇති අතර, ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා.
සිරවී සිටින සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල සහයක් ලබාදෙන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දිස්ත්‍රික් පරිපාලනයේ නිලධාරීන් ඇතුළු ආපදා සහන කණ්ඩායම් ද එම ස්ථානයේ සිටින බව ඉන්දිය මධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s