බිහිසුණු අනතුරක්! කතකගේ පාදයක් වෙන්වෙයි – පාද කොටස කැලේට විසිකරලා

කාන්තාවගේ පාදයක කොටසක් අහිමි කරමින් බිහිසුණු යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබෙන්නේ අක්මීමන, හිනිදුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී.

ඊයේ (24) මෙම අනතුර සිදු කර ඇත්තේ පාසල් සිසුවෙකු විසින් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කොට සිටින්නේ.

වාර්තා වන ආකාරයට, සිසුවා විසින් අධික වේගයෙන් පදවාගෙන ගිය යතුරුපැදිය දරුවන් සමග මාර්ගයේ ඇවිද යමින් සිටි කාන්තාවකගේ ගැටී තිබෙනවා.

මෙම අනතුරෙන් කාන්තාවගේ පාදයේ කොටසක් වළලුකරට ඉහළින් වෙන්වී ගොස් යතුරුපැදියේ රැඳී ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියේ රැඳුණු පාද කොටසද සමගින් එම ස්ථානයෙන් පළා සිය සිසුවා, පසුව එම පාද කොටස වන ලැහැබකට විසිකොට දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පැවසුවා.

එසේ පළා ගිය සැකකරු සිය නිවසේ සැඟවී සිටියදී පොලිසිය කඩිනමින් ක්‍රියාත්මකව අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු පැවසූ තොරතුරු අනුව යමින් විසිකොට දැමූ පාද කොටසද සොයාගන්නට සමත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

තුවාල ලැබූ කාන්තාව ගාල්ල ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට වහාම ඇතුළත් කරන ලද බවත්, ඇගේ අහිමි වූ පාද කොටස සොයාගෙන රෝහල කරා භාර දෙන්නට හැකි වී ඇත්තේ අනතුරින් පැය දෙකක පමණ කාලයක් ඉක්ම ගිය පසුව බවත් වැඩිදුරටත් වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s