හන්තාන රත්වෙයි බස් රියදුරාට ගුටි

අනුරාධපුරයේ පාසල් සිසු සිසුවියන් පිරිසක් චාරිකාවක් රැගෙන ආ බස් රථයක රියැදුරෙකුට හන්තානයේදී පිරිසක් පහර දී තිබෙනවා.

වාර්තාවන අන්දමට අනුරාධපුරයේ සිට හන්තාන කදුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ආ පෞද්ගලික බස් රථය හන්තාන කදුවැටිය නරඹා ආපසු මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී ඇති තිබෙනවා.

ඊට උරණ වූ ගම්වාසීන් බස් රථය නතරකර රියදුරු අසුනෙන් ඇද පහර දුන් බව එම බස් රථය අසළ සිටි අයෙකු පවසා සිටිනවා.

මෙම පහරදීම අද (25) පස්වරු 2:00ට පමණ සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

එම බස් රථයේ පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් රියැදුරට පහර නොදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියත් ඔවුන් එම ඉල්ලීම් ද නොතකා දිගින් දිගටම බස් රථ රියැදුරාට පහර දී තිබෙනවා.

පහර කෑමට ලක්වූ බස් රථ රියදුරු මහනුවර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s