
අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති අතර පසුව යතුරු පැදිකරු පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වු පුද්ගලයා සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s