වන අලියෙක් අදත් අනතුරක

බීමට ජලය සොයා පැමිණි අලියෙකු ZD ඇළට වැටී ඇති පුවතක් වාර්තා වනවා.

මෙම අලියා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණ ඇති අතර අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ZD ඇළට වැටී තිබෙනවා.

වෙහෙරගල වනජීවි නිලධාරීන් පවසනේ එම අලියා මේ වන විට සැඩ පහරට හසුව කිලෝමීටර් පහක් පමණ ගසා ගෙන ගොස් තිබෙන බවයි.

වනජීවි නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඹ ,ටයර් ආධාරයෙන් අලියා ගොඩට ගැනීම සඳහා උත්සාහ දරන අතර ඒ සඳහා අරලගංවිල පොලිසියේ ද සහාය ලැබී තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s