පෙම වියරු වී පෙම්වතියගේ ගෙල කැපෙයි! පෙම්වතාත් ගෙල කපාගෙන රෝහලේ!

තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් ඇති පුවතක් අද (23) අලුයම පදියතලාව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා 31 මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තුවාල ලැබූ තරුණියගේ මව සහ පියාගේ තත්ත්වය බරපතල නොවන බවයි පදියතලාව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s