පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා? ගම්මන්පිල ගැලවිල්ලට එයි

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින්, නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකොටතිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (24) තීරණය කරනු ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 13 වගන්ති වන නීතිය ඉදිරියේ සමානාත්මතාවය, දේශපාලන මතය මත පදනම්ව වෙනස් කොට සැලකීම, හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සහ නීති ක්‍රියාවලියෙන් පිටත අත්අඩංගුවට ගැනීම යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටයි මෙම පෙත්සමෙහි සඳහන් වන්නේ.

මෙම නඩු විභාගයේදී පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සහ නීතිඥ උදය ගම්මන්පිල පෙනී සිටියා.

පෙත්සමෙහි සඳහන් කරුණු පිළිබඳ වැඩිදුර විභාගය සඳහා දිනයක් නියම කරනු ඇති බවයි පැවසෙන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s