පාස්කු විමර්ශනයට අදාළව හිටපු ලොක්කෙක් රඳවාගෙන ප්‍රශ්න කරයි

මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන් වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට ඔහු අත්අඩංගුව ගත් බවයි.

මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත හිටපු ස්ථානාධිපතිවරයා රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දුන් පොලිසිය අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්න බවද අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s