“කෝපිකඩේ” අධ්‍යක්ෂ අභිරහස් ලෙස මිය ගිහින්

‘කෝපිකඩේ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙකු වන ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද සේවය කළ සුදම් චන්දිම දයාරත්න මහතා අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

53 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකු වන අතර ඔහුගේ දේහය කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ඊයේ (21) දින වැල්ලම්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දයාරත්න මහතාගේ බිරිඳ නිවසින් බැහැරව ගොස් සිටි අවස්ථාවක සිය සැමියාට ලබා දුන් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැක සිතූ ඇය නැවත නිවසට පැමිණ පරීක්ෂා කර බලන විට නිවසේ දොරගුළු ඇතුළතින් වසා තිබී ඇති බව සඳහන්.

පසුව දොර කඩා නිවසට ඇතුළුවන විට ඔහු කාමරයේ ඇඳක් මත මියගොස් සිටින අයුරු ඇය දැක තිබෙනවා.

පොලිසිය මූලික වශයෙන් සැක පල කරන්නේ හදිසිරෝගී තත්ත්වයක් මත මෙම මරණය සිදුවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා.

වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s